Monday, June 3, 2013

සෙනෙහසම මිස






නෙත පිරෙන කඳුළු කැට එකින් එක පිස දැමෙන
ඔබේ සෙනෙහස් සිතුම් මගේ යැයි දැනෙන විට
ජීවිතේ විඳි තැවුල් පාව යනු මට දැනේ
ඒ සෙනෙහෙ විඳින්නට ඉඩ හසර කොහි වේද......

සෝ තැවුල් දුරරලන ඔබේ සෙනෙහස සොඳුරු
විඳගන්න ජීවිතේ නෙතු විදා බලා ඉමි
සෙනෙහසම මිස ඔබෙන් අන් යමක් නොමැති වුව
ජීවිතය ඔබේ සුරතේ තබා බලා ඉමි


                                                                               කිත් .....


2 comments:

  1. බලාහින්දින්නියකගේ සිතැඟි....:( ලස්සනයි , ඒත් දුක් බරයි...

    ReplyDelete
  2. සමහරක් වෙලාවට කරකියාගන්න දෙයක් නැති ජීවිතේ...බලා ඉන්නවා හැර කල හැකි දෙයක් නැහැ...
    ///සෙනෙහසම මිස ඔබෙන් අන් යමක් නොමැති වුව
    ජීවිතය ඔබේ සුරතේ තබා බලා ඉමි///
    මෙන්න මේ ටිකේ අර්ථය ගැන ටිකක් හිතන්න...

    ReplyDelete