Monday, June 3, 2013

මේ හීන මල් දැහැන












මේ හීන මල් දැහැන අනේ හරි සුන්දරයි
ඉතින් යළි නම් එපා මා එයින් ඇහැරන්න
හෙට දවස උදා වන පැතුම් මල් මහ ගොඩයි
ඔබට හැකි නම් ඉතින් මගේ ලොව වෙත එන්න ....

සුරත් යුග පැටලෙන්න ජීවිතේ මුමුණන්න
ආදරේ නොකී කවි දහස් ඇත ගලපන්න
ඔබෙ සිනා රැලි අතර කඳුළු කැට සඟවන්න
ඉතින් එක ඇසිල්ලෙක මගේ ලොව වෙත එන්න.....

දෑස් අග මිමිනෙනා හැඟුම් පුබුදා ලන්න
ඔබේ සෙනෙහස මිසක් අන් යමක් නොදකින්න
මගේ නෙතු පියන් යට ඔබෙ දෙනෙත සඟවන්න
හෙට නැගෙන මුල් පැයෙම මගේ ලොව වෙත එන්න ...

                                                                                                               කිත්.....

No comments:

Post a Comment