Monday, June 3, 2013

බිඳුණු සිතුම්




මගෙ නෙතට බර වැඩිවු කඳුළු කැට අතට ගෙන
ජීවිතේ පැතූ පැතුම් මේ කියා කියන්නද
කොයි තරම් මතකයන් මේ හිතට බර වැඩිද
ඒ බිඳුණු සිතුම්  තුල මතකයන් අපමණය

දිවිතුරා නොසැ සැලුණු  හිත කඩා වැටෙද්දී
ජීවිතේ කොහේ නම් අරමුණක් සොයන්නද
නුඹේ මතකය හිතේ කොනක ඉකි බිදිද්දී
සියලු සැමරුම් තියා ඉතින් කොහි රැඳෙන්නද

මගේ හිත කඳුළු නම් නුඹ කෙලෙස දකින්නද
සොවින් බර වූ නෙතග  සිඳී පැතුම්  රැඳෙන්නද
නුඹ තනිව දමා යා නොහැකි බව මිසක මට
මේ දිවිය බර වැඩිවූ බව කෙලෙස කියන්නද

                                                                                                            කිත්................

2 comments:

  1. ඉතාම සංවේදී නිර්මාණයක් කීත්...

    ReplyDelete
    Replies
    1. දරාගන්න බැරි තරම් කලකිරීමක් එක්ක ලියවුන දෙයක් වගෙයි නේද...?

      Delete