Thursday, June 6, 2013

නුඹ නොකියා යන්න ගිහින් ...






නුඹ යන්න ගිහින්...
හිතේ තිබුන දාහක් කවි සිතුවම්
මටත් හොරෙන්
නුඹේ හිතට තුරුළු කර
නුඹ නොකියා යන්න ගිහින් ...

බලා ඉඳිමි කවියක් මුමුණන්නට
මගේම කවි හිත මා වෙත එනතුරු
නුඹේ ඉසව්වෙන් මිදී
ආදරයේ මුදු ස්වරය දරාගෙන

කවි හිත ආයේ ආවද නොදනිමි
ගීයක පදවැල් විසිරී ඉහිරුනි
නුඹ ළඟ නැතිදා කවිකම් කොහිවෙද
මගේම හිත විමසනු මට දැනුණා..


                                                                     කිත්....

11 comments:

  1. නුඹ ළඟ නැතිදා මට..

    ReplyDelete
    Replies
    1. කවි කම් කොහි වෙද

      Delete
  2. ලස්සන කවි බ්ලොග් එකක්.. අනෙක් නිර්මාණ කියවන්නට නැවත එන්නම්.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන...

      Delete
  3. dash board > settings > posts & comments > ගිහිල්ලා Show word verification වලට no කියල දීලා save settings දෙන්න. lay out වලින් add gadget අරගෙන followers ගැජට් එකක් එකතු කරන්න..

    ReplyDelete
  4. ඔන්න කියපු විදියටම කළා....:)

    ReplyDelete
  5. අනේ මට දැනුයි එන්න පුළුවන් උනේ කීත්...සමාවෙන්න ඕනේ පරක්කු උනාට...නොකියාම ගිහින් කියලා හිතන්න එපා...ඒ අය නැවත එනවා කීත්...( වෙන කෙනෙක් විදිහට හරි )

    ReplyDelete
  6. යන්න ගිය සමහරු..ආයේ එන්නේ නැහැ....

    ReplyDelete
  7. මට නං කවි සිතුවිලි එන්නේ තනිකම හිතට වැදුණාම තමා.
    ගොඩ වදින්න මේ පැත්තටත්

    ReplyDelete
    Replies
    1. තනිකම කියන්නේ..කවියක තිඹිරිගෙය නේද..?
      මම කළු සුදු අඩවියෙන් ඔයාගේ පොස්ටු කියවනවා...

      Delete
  8. Mula endala hame kawiyakme kiyawanakoye oya apahu kawiyak wela enna kiyala kiyanne hitenawa...lasanai..hame deeme hari lasanai..

    ReplyDelete