Monday, June 3, 2013

ඔබ මගේ ලොව දිනූ ආදරයයි....




ඇස් අගට නිති සිනා  කැන්දන
ඔබ මගේ ලොව දිනූ ආදරයයි....

හිතේ අස් කොන් සිසාරා යන
කඳුළු මල් රොන් විසුල ආදරයයි....

ජීවිතේ නෙක පැතුම් සපුරා
දෝත පුරවා ගෙනා ආදරයයි....

දිනෙක මතුදා නෙතු පියෙන තුරු

මගේ සුසුමන් රකින ආදරයයි.....                               කිත්.....

4 comments:

  1. මේ පද වැල් ටිකෙත් හැංගුණ රිද්මයක් තියෙනවා කීත්..ලස්සන මෙලඩි එහෙකට ගයන්න පුළුවන් බවක් මට පේනවා...

    ReplyDelete
    Replies
    1. ඔයාට ගොඩක් ස්තුතියි සහන්...ඔයා සේරම වගේ කියවලා...ඒත් මේක දිග මදියි නේද...ගයන්න සිංදුවකට වගේ...

      Delete
  2. සහන් කිව්ව වගෙ මාත් කියවගෙන ආපු කවි වල ගීයකට සුදුසුයි කියල හිතෙන ඒව ටිකක් තිබුන. බොහොම ලස්සනයි වගේම හදවතට දැනෙන නිර්මාණ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...ස්තුතියි චන්දන....ගීයක කවියක..නිසඳැසක ..ඔය හැම දෙකම ගැබ් වෙලා තියෙන්නේ...හිතේ උපදින හැගීම්...

      Delete