Thursday, June 6, 2013

සොඳුරු කවිකාරී ....





මං නුඹේ සොඳුරු කවිකාරී
ආදරේ සත්සර එකින් එක
කටු කුරුටු ගාමින්
ජීවිතේ ගී උල්පතින් සැරසූ
මං..නුඹේ සොඳුරු කවිකාරී ....

සසර ගමනක අත්වැලක් වෙමිනේ
නුඹේ හිත ළඟ දැවටී දැවටී ...
කවි හිතේ සෙනෙහස අමුණමින්
එකට ආ ...මම නුඹේ සොඳුරු කවිකාරී ....

අඳුරු සෙවනැලි ජීවිතේ දුටුදා
මග වැරදෙමින් නුඹ අතරමං වූ දා
කවි හැඟුම් නැති ලොවක තනි වූ
මං..නුඹේ සොඳුරු කවිකාරී ....


                                                          කිත්....

2 comments:

  1. මේක නම් රිද්මයක් එක්ක ගයන්න පුළුවන් ලස්සන ගීයක් වේවි කීත්..ඒ තරම්ම මිහිරියි..ගීයකට සුදුසුයි...ඇත්තටම ලස්සනයි...

    ReplyDelete
  2. ඔයාට දැනුන දේම මටත් හිතුනා...සහන්...ඇත්තටම හැගීම් බර සංවේදී කටහඬක් තියෙන දන්නා කියන කෙනෙක් ඉන්නවා නම් දෙමු ද ගීයකට ගන්න...

    ReplyDelete