Thursday, June 6, 2013

විඳවන්න නොවේමැයි




හිත අගිස්සේ රැඳෙන
කඳුළු මල් කැටයමක
සොයා ගත ජීවිතේ අකුරු ඇමිනුවෙද මං.......
වැටි වැටී රිදුම් දෙන
දෙපා පොඩි තබා ගෙන
වංකගිරියක තනිව ඇවිද ආවේද මං.....
පන්හිදේ උල්පතට
රුහිරු පණ පොවා ගෙන
සෙනෙහසේ කවි නිමිති කුරුටු ගැවේද මං......
විඳින්නට දුන් සෙනෙහෙ
විඳවන්න නොවේමැයි
මේ තරම් නුඹේ ළඟ නීති රැදෙන්නේද මං......

                                                                                    කිත්.....

4 comments:

  1. ලස්සනයි. මේව ගීත වගෙ මට දැනෙන්නෙ.. :)

    ReplyDelete
    Replies
    1. සමහර ඒවායේ ආරය ටිකක් ගීත වලට හුරුයි තමයි....

      Delete
  2. තනි වෙමින් , අනාගතය ගැන සිහින මවන්නියකගේ සිතුවමක්...චිත්ත රූප මැවෙනවා කීත්...

    ReplyDelete
  3. විඳින්නට මිස..විඳවන්න නම් නොවෙයි

    ReplyDelete