Thursday, June 6, 2013

සුබ සිහිනයයි ඔබ




ඇස  අගින් කඳුලක් නොවන්නට
සිනාවක් වී නීති රැඳෙන්නට
පිළිණ දෙන සුබ සිහිනයයි ඔබ
මගේ දිවි ගමනේ....

කඳුල නෙතු යට දැවටෙනා සඳ
ඇඟිලි තුඩගක් තබා හෙමිහිට
දෑස් යට මුදු සිනා තවරන
ඔබේ දෙනයන කැලුම් අතරේ
ජීවිතේ දුක් ගිනි නිවාගමි..

ඉතින් අහන්න ..
මේ අකුරු කරන්නේ ..
ඔබේ සෙනෙහසමයි ...                     

                                                                                               කිත් ........

2 comments:

  1. දුක් බර සැඟවුණු කතාවක් තියෙන හැඩයි..කවි පෙළේ අන්තිමටම ඒ දුක යාන්තන් එළි වෙලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. සමහර විට මගේම නොවන අත් දැකීම් එක්කත් මම කවි ලියනවා...හිතට ගොඩක්ම දැනුන දේවල් ගැන...

      Delete