Thursday, June 6, 2013

ඉටු නොවුන හීනය









දුර ඇදෙන පැතුමක් විලස
නෙතු රඳන කඳුලක් ලෙසට
නුඹ රැඳුනේ කිම මගේ හද ගැබේ
ඉටු නොවුන හීනය විලස

නෙත වසමි රුව ඇදේ හිත පුරා
ලය දැනේ රිදුම් ...පෙම් කල නිසා...
යා නොහැකි වුව නුඹව මග දමා
මේ හීන පැස තවත් අසුරනු කිමා....


                                                           කිත්.....

4 comments:

  1. ඇත්ත තමයි කීත් දුකක් දැනේ නම් දැනෙන්නේ වෙන මොනවත් නිසා නෙවේ, ආදරය නිසා පමණමයි...ප්‍රශ්නේ තියෙන්නේ ඒ ආදරේට වටිනාකමක් නොලැබෙන එක...

    ReplyDelete
  2. අසුරා ලිය නොහැකි වූ ...මේ හීන පැස..දම යන්නට සිතෙයි මට දැන්...මග ම ...

    ReplyDelete
  3. බොහෝ දෙනෙකුගෙ හදේ එවැනි ඉටු නොවුනු හීනයක් තියනව. ඒ හීන අතීතයට අයිති වුනත් පැරණි වෙන්නෙ නෑ..

    ReplyDelete
  4. කවමදාවත් පැරණි වෙන්නේ නැහැ..ඔව්...

    ReplyDelete