Thursday, June 6, 2013

නුඹ .....මගේ එකමෙක අහිංසක පැතුමයි....






නුඹ තරු පිපුණු අහසයි
මම එකම එක තරුවක්ව නැගෙනා
නුඹ...තරු දිලුණු අහසයි...

නුඹ මහරු දිය ගැඹරයි
මම එකම මුතු කැටයක්ව සැඟවුන
නුඹ ...සුනිල මහ සයුරයි...

නුඹ අසනී වට වැස්සයි
මම පිනි පොදේ තෙමෙනා
නුඹ.... කලට වට වැස්සයි .......

නුඹ එකම එක පැතුමයි
මම සසර තුරු යළි යලිදු පතනා
නුඹ .....මගේ එකමෙක අහිංසක පැතුමයි....


                                                                                                                    කිත්.....

4 comments:

  1. Replies
    1. කිසිදා හමු නොවෙනා.....

      Delete
  2. අතීතයක් සිහි උනා කීත්...

    ReplyDelete
    Replies
    1. හිත නොරිදී සුවපත් වේවා...දුකක් දැනෙන්න එපා ...

      Delete