Thursday, June 6, 2013

නුඹ නොකියා යන්න ගිහින් ...






නුඹ යන්න ගිහින්...
හිතේ තිබුන දාහක් කවි සිතුවම්
මටත් හොරෙන්
නුඹේ හිතට තුරුළු කර
නුඹ නොකියා යන්න ගිහින් ...

බලා ඉඳිමි කවියක් මුමුණන්නට
මගේම කවි හිත මා වෙත එනතුරු
නුඹේ ඉසව්වෙන් මිදී
ආදරයේ මුදු ස්වරය දරාගෙන

කවි හිත ආයේ ආවද නොදනිමි
ගීයක පදවැල් විසිරී ඉහිරුනි
නුඹ ළඟ නැතිදා කවිකම් කොහිවෙද
මගේම හිත විමසනු මට දැනුණා..


                                                                     කිත්....

විඳවන්න නොවේමැයි




හිත අගිස්සේ රැඳෙන
කඳුළු මල් කැටයමක
සොයා ගත ජීවිතේ අකුරු ඇමිනුවෙද මං.......
වැටි වැටී රිදුම් දෙන
දෙපා පොඩි තබා ගෙන
වංකගිරියක තනිව ඇවිද ආවේද මං.....
පන්හිදේ උල්පතට
රුහිරු පණ පොවා ගෙන
සෙනෙහසේ කවි නිමිති කුරුටු ගැවේද මං......
විඳින්නට දුන් සෙනෙහෙ
විඳවන්න නොවේමැයි
මේ තරම් නුඹේ ළඟ නීති රැදෙන්නේද මං......

                                                                                    කිත්.....

ඉටු නොවුන හීනය









දුර ඇදෙන පැතුමක් විලස
නෙතු රඳන කඳුලක් ලෙසට
නුඹ රැඳුනේ කිම මගේ හද ගැබේ
ඉටු නොවුන හීනය විලස

නෙත වසමි රුව ඇදේ හිත පුරා
ලය දැනේ රිදුම් ...පෙම් කල නිසා...
යා නොහැකි වුව නුඹව මග දමා
මේ හීන පැස තවත් අසුරනු කිමා....


                                                           කිත්.....

සොඳුරු කවිකාරී ....





මං නුඹේ සොඳුරු කවිකාරී
ආදරේ සත්සර එකින් එක
කටු කුරුටු ගාමින්
ජීවිතේ ගී උල්පතින් සැරසූ
මං..නුඹේ සොඳුරු කවිකාරී ....

සසර ගමනක අත්වැලක් වෙමිනේ
නුඹේ හිත ළඟ දැවටී දැවටී ...
කවි හිතේ සෙනෙහස අමුණමින්
එකට ආ ...මම නුඹේ සොඳුරු කවිකාරී ....

අඳුරු සෙවනැලි ජීවිතේ දුටුදා
මග වැරදෙමින් නුඹ අතරමං වූ දා
කවි හැඟුම් නැති ලොවක තනි වූ
මං..නුඹේ සොඳුරු කවිකාරී ....


                                                          කිත්....

නුඹ .....මගේ එකමෙක අහිංසක පැතුමයි....






නුඹ තරු පිපුණු අහසයි
මම එකම එක තරුවක්ව නැගෙනා
නුඹ...තරු දිලුණු අහසයි...

නුඹ මහරු දිය ගැඹරයි
මම එකම මුතු කැටයක්ව සැඟවුන
නුඹ ...සුනිල මහ සයුරයි...

නුඹ අසනී වට වැස්සයි
මම පිනි පොදේ තෙමෙනා
නුඹ.... කලට වට වැස්සයි .......

නුඹ එකම එක පැතුමයි
මම සසර තුරු යළි යලිදු පතනා
නුඹ .....මගේ එකමෙක අහිංසක පැතුමයි....


                                                                                                                    කිත්.....

සිහින් කඳුලක දුක



දහස් දෙනුවන් ගැටෙන මහ මග
මහා තනියක් මට දැනේ...

ජීවිතේ දුර ගමන් මග දිග
හුදෙකලාවක් යළි හැගේ..

කඳුල ඉහිරුන දෙනෙත් අග යළි
සිහින් කඳුලක දුක දැනේ...

හිතාගන්නට බැරිව ලතැවෙන
මේ සිතුම් රිදවනු දැනේ....


                                                                               කිත්.......


සුබ සිහිනයයි ඔබ




ඇස  අගින් කඳුලක් නොවන්නට
සිනාවක් වී නීති රැඳෙන්නට
පිළිණ දෙන සුබ සිහිනයයි ඔබ
මගේ දිවි ගමනේ....

කඳුල නෙතු යට දැවටෙනා සඳ
ඇඟිලි තුඩගක් තබා හෙමිහිට
දෑස් යට මුදු සිනා තවරන
ඔබේ දෙනයන කැලුම් අතරේ
ජීවිතේ දුක් ගිනි නිවාගමි..

ඉතින් අහන්න ..
මේ අකුරු කරන්නේ ..
ඔබේ සෙනෙහසමයි ...                     

                                                                                               කිත් ........