Monday, May 27, 2013

සොඳුරු හීනය







නුඹ ඇස අගින් බැබලුණ
සොඳුරු හීනයක්මයි...
නිදිවරිත නෙතු දෑල  අද්දරින්
සුපිපී සුවඳ දුන්...

නුඹ ජීවිතේ විඩා නිවනා
සිහිල් පවනැල්ලක්මයි
දාහයෙන් පෙලෙනා ගතට
සිහිලසක් දෙවනා....

නුඹ ආත්මය පුරාවට විහිදෙනා
නොනිමි එක පැතුමයි
කඳුළු යට දිවි ගෙවනා මහට
සසර තුරු ඇති එකම එක පැතුමයි....



කිත් .....

No comments:

Post a Comment