Monday, June 3, 2013

බිඳුණු සිතුම්




මගෙ නෙතට බර වැඩිවු කඳුළු කැට අතට ගෙන
ජීවිතේ පැතූ පැතුම් මේ කියා කියන්නද
කොයි තරම් මතකයන් මේ හිතට බර වැඩිද
ඒ බිඳුණු සිතුම්  තුල මතකයන් අපමණය

දිවිතුරා නොසැ සැලුණු  හිත කඩා වැටෙද්දී
ජීවිතේ කොහේ නම් අරමුණක් සොයන්නද
නුඹේ මතකය හිතේ කොනක ඉකි බිදිද්දී
සියලු සැමරුම් තියා ඉතින් කොහි රැඳෙන්නද

මගේ හිත කඳුළු නම් නුඹ කෙලෙස දකින්නද
සොවින් බර වූ නෙතග  සිඳී පැතුම්  රැඳෙන්නද
නුඹ තනිව දමා යා නොහැකි බව මිසක මට
මේ දිවිය බර වැඩිවූ බව කෙලෙස කියන්නද

                                                                                                            කිත්................

ඔබ මගේ ලොව දිනූ ආදරයයි....




ඇස් අගට නිති සිනා  කැන්දන
ඔබ මගේ ලොව දිනූ ආදරයයි....

හිතේ අස් කොන් සිසාරා යන
කඳුළු මල් රොන් විසුල ආදරයයි....

ජීවිතේ නෙක පැතුම් සපුරා
දෝත පුරවා ගෙනා ආදරයයි....

දිනෙක මතුදා නෙතු පියෙන තුරු

මගේ සුසුමන් රකින ආදරයයි.....                               කිත්.....

සෙනෙහසම මිස






නෙත පිරෙන කඳුළු කැට එකින් එක පිස දැමෙන
ඔබේ සෙනෙහස් සිතුම් මගේ යැයි දැනෙන විට
ජීවිතේ විඳි තැවුල් පාව යනු මට දැනේ
ඒ සෙනෙහෙ විඳින්නට ඉඩ හසර කොහි වේද......

සෝ තැවුල් දුරරලන ඔබේ සෙනෙහස සොඳුරු
විඳගන්න ජීවිතේ නෙතු විදා බලා ඉමි
සෙනෙහසම මිස ඔබෙන් අන් යමක් නොමැති වුව
ජීවිතය ඔබේ සුරතේ තබා බලා ඉමි


                                                                               කිත් .....


මගේ සැනසුම


ඔබේ සෙනෙහස්  සොඳුරු ඇසුරේ
ගෙවන එකමෙක අසුරු සැනෙකදි
ජීවිතේ මුදු සෙනෙහෙ කැළුමින්
ඔබ මගේ ලොව දරා සිටියා

දෙනෙත් ගැඹරේ කිමිද සෙව්වෙමි
ජීවිතේ සතු සියලු වත්කම්
දිටිමි ඒ ඔබ සෙනේහය මිස
නොවේ යසිසුරු මිසක මා සතු

දෑත උණුසුම් මා රකින සඳ
සොයමි මා සතු ඔබේ සෙනෙහස
ජීවිතේ මතු නෙතු පියෙන තුරු

ඔබයි මා සතු මගේ සැනසුම                                       කිත්......

මේ හීන මල් දැහැන












මේ හීන මල් දැහැන අනේ හරි සුන්දරයි
ඉතින් යළි නම් එපා මා එයින් ඇහැරන්න
හෙට දවස උදා වන පැතුම් මල් මහ ගොඩයි
ඔබට හැකි නම් ඉතින් මගේ ලොව වෙත එන්න ....

සුරත් යුග පැටලෙන්න ජීවිතේ මුමුණන්න
ආදරේ නොකී කවි දහස් ඇත ගලපන්න
ඔබෙ සිනා රැලි අතර කඳුළු කැට සඟවන්න
ඉතින් එක ඇසිල්ලෙක මගේ ලොව වෙත එන්න.....

දෑස් අග මිමිනෙනා හැඟුම් පුබුදා ලන්න
ඔබේ සෙනෙහස මිසක් අන් යමක් නොදකින්න
මගේ නෙතු පියන් යට ඔබෙ දෙනෙත සඟවන්න
හෙට නැගෙන මුල් පැයෙම මගේ ලොව වෙත එන්න ...

                                                                                                               කිත්.....

Sunday, June 2, 2013

කුමට මට අන් යමක් මේ ලොව






හදේ ගැඹුරුම තැනින් ඉපදී
නෙතග මුදු කඳුලක්ව සසැලෙන
මේ සොඳුරු සෙනෙහසට
හිමිකම් කියන්නේ ඔබමයි..

සෙනෙහසේ මල් සුවඳ අබියස
දැවටෙනා ඔබගේ අහිංසක
නෙතග පොපියන සිනහවක් මිස
කුමට මට අන් යමක් මේ ලොව




                                                                                                               කිත් 

Saturday, June 1, 2013

මටම අහිමි වූ සිත









මේ මගේ අහිමි වූ
කව් සිතයි
නුඹ මගෙන් මිදේ යැයි..
සිත සිතා..
ඉකිලමින් කුරුටු ගෑ
කවි පිරුණු
කවි සිතයි....



                                                                                  කිත් .....